නවතම පුවත්

ඖෂධ ගැටළුවට රතු කුරුසයෙන් පිළියම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දියවැඩියාව,අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසක් සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි,අඩු ආදායම්ලාභී ජනතාව වෙත එම බෙහෙත් ද්‍රව්‍ය නොමිලයේම ලබාදීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .

දිවයින පුරා මේ දිනවල පවතින ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහල යාම යන කරුණු සැළකිල්ලට ගනිමින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුල, වෛද්‍ය කඳවුරු 10 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය දැනට කටයුතු යොදා ඇත.

EY Global Delivery Service ආයතනයේ ඇමරිකානු ඩොලර් 25,000 ක මූල්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කර ඇති මෙම වෛද්‍ය කඳවුරු හරහා ,අඩු ආදායම්ලාභී ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග නොමිලයේ ලබාදීම පමණක් නොව , වෛද්‍ය සේවාවන්ද නොමිලයේ ලබාදීමට රතුකුරුසය දැනටමත් කටයුතු යොදා ඇත .

මේ වනවිට මෙවැනි වෛද්‍ය කඳවුරු තුනක් , කොලොන්නාව හා මෙගොඩ කොලොන්නාව හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලදී පවත්වා අවසන්ව ඇති බවත් එම වැඩසටහන් සාර්ථකකර ගැනීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල,බෝ නොවන රෝග ඒකකවල ,මෙන්ම එම ප්‍රදේශවල ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය මහත්ම මහත්මීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,හා පවුල් සෞඛ්‍යය නිලධාරීන්ගේද , උපරිම සහය ලැබුණු බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය .

IIHS-sinhala
තරුණ පරපුර බල ගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි
IIHS-6
ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHSආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ
IIHS-5
IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි
vehicles
අලුත් බදු නිසා වාහන මිල තවත් ඉහළට !
electric car
විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්
image-14
රනිල්ට වෙන්කළ මුදලම අනුරටත් වෙන්කරලා !
Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.