නවතම පුවත්

කුලේ ක්‍රිකට් පිටියට සමුදෙයි

අසංක

අසංක

ලොව අංක එකේ වේගපන්දු යවන්නා වීමේ අවස්ථාව ශ්‍රි ලාංකේයකුට නැවත ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රිඩක නුවන් කුලසේකර අද (24) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.කොළඹ සීසීසී ක්‍රිකට් සමාජයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නුවන් කුලසේකර අද දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ශ්‍රි ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට තරමක වේදානාකාරී හැගීමක් ගෙන දුන්නේය. ඊට හේතුවුයේ තමන්ට සමුගැනීම සදහා තවත් එක් ජාත්‍යන්තර තරගයක් ලබා දෙන්නැයි ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් නුවන් කුලසේකර සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමයි.


ලසිත් මාලිංග ලබන 26 වැනිදා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට නියමිත අතර මාලිංග සහ කුලසේකර එකම කාල වකවානුවක 2004 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ප්‍රවිශ්ට වුවෝය. තමන්ගේ අවසන් තරගයේදී කුලසේකරටත් සමුගැනීමේ තරගයක් ලබා දෙන්නැයි ලසිත් මාලිංග කළ ප්‍රකාශය හේතුවෙන් මෙරට ක්‍රිකට් ලෝලීන්ට නුවන් කුලසේකරගේ මතකය අලුත්විය.
මාලංගගේ ප්‍රකාශයටත් ගරු කිරීමක් වශයෙන් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තරගයක් ඉල්ලා සිටි බවත් එය නොලැබුණද තමන්ට කණගාටුවක් නැතැයි නුවන් කුලසේකර ප්‍රකාශ කළේය.


දෙමාපියන්ගේ පටන්, තමන් ඉගෙනගත් පාසල් ත්‍රිත්වයේ පටන්, ලෙදර් පන්දුව ඇල්ලු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පටන්, නුගේගොඩ සහ ගාලු ක්‍රිඩා සමාජයේ පටන් තමන්ට අත හිත දුන් සියලු දෙනාටමත් මාධ්‍යයටත් නුවන් කුලසේකර අප්‍රමාණව මෙහිදී ස්තුතිය පළ කළේ ඉතා ලෙංගතුවය. අපි ලෝකේ කොහේ ගියත් සිංහල හෝ වෙනත් ලාංකික මාධ්‍යවේදියෙකු විදෙස් රටකදී වුවද හමුවෙනවා. මට නම් ඒ වෙලාවට අපි තැනිවෙලා නෑ වගේ හැගීමක් දැනෙන බව නුවන් කුලසේකර ප්‍රකාශ කළේය.
තරගයක් නොදීම ගැන කණගාටුවක් නැහැ. ඒක එයාලගෙ පැත්තෙන් සිදුවු දෙයක්.යැයි කී කුලසේකර ඇතැම්විට තේරුම්කමිටු සභාපතිවරයා නොදන්නවා වුවද තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ දක්වාම නිරතවු බව අනෙකුත් සියලු දෙනා දන්නා බව කීවේය.


මම මොකද්ද කරන්නෙ කියලා ක්‍රිකට් ආයතනය දැනුවත් වුණේ නැහැ. ක්‍රිකට් ආයතනයට මම ඉල්ලීම කළේ ඒ නිසයි. ලෝක කුසලානයට යන්න ඇත්තේ සැලැස්මක් ඇතිව. මාව තෝරගත්තේ නැති නිසා මම පසුගිය අවුරුද්දෙ ඔස්ට්‍රේලියානේ ප්‍රාන්ත ක්‍රීඩා කරන්න ගියා. ලසිත්ගෙ ඉල්ලීමත් එක්ක ඒක මම මේ ඉල්ලීම කළේ. ලසිත් මාලිංග අනෙක් ක්‍රීඩකයන් ගැන කතා කළා. ඒකටත් මම මේ අවස්ථාවේ ස්තුති කරනවා.


අප ජයගත් විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් පන්දුවාර කිහිපය, ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් කඩුලු පහ මට දැනුත් මතකයට එන අමතක නොවන මතකයැයි කුලසේකර කීවේය.හැමෝම කැමැතියි ලෝකයේ අන්ක එක වෙන්න. සියලුම පන්දු යවන්නන් අතරින් ලෝකේ අන්ක එකට එනවා කියන එක මොන කාලයකදි වුණත් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. මට අපේ කණ්ඩායම සහ රට වෙනුවෙන් ඒ දේ කරන්න ලැබීම සතුටක්. මම ප්‍රාර්ථනා කරන්නෙ අපේ වේග පන්දුයවන්නෙක් ලෝකේ නැවත අංක 01ට එන්න ඔන කියලයි. ක්‍රිඩකයෙක්ට අවස්ථාවක් දෙද්දි අඩුම තරග 10ක අවස්ථාවක්වත් දෙන්න ඔන යැයි කුලසේකර තමන්ගේ යෝජනාවක්ද සමුගැනීමේ කතාවේදී එක්කළේය.


කුලසේකර ටෙස්ට් තරග 21 කදී කඩුලු 48ක් දවාගත් අතර එක්දින තරග 184 දි කඩුලු 199ක්ද විස්සයි 20 තරග 58කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 66 දවාගත්තේය.
ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොමැකෙන නමක් ලියා තැබු නිහතමානී ක්‍රිඩකයකු ලෙස රට වැළදගන්නා නුවන් කුලසේකරට the Colombo Express ප්‍රණාමය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?