පාස්කු ප්‍රහාරය කළේ IS නෙවෙයි – CID ප්‍රධානියා තහවුරු කරයි

Picture of අසංක

අසංක

මෙරට තුළ පාස්කු ප්‍රහාරය සිදුකරන ලද්දේ අයිඑස් හෙවත් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා තහවුරු කර තිබේ.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද සාක්ෂි දෙමිනි.

තවුහීඩ් ජමාත් ත්‍රස්තයන් ප්‍රහාරයෙන් පසුව ඉන්දුනීයාව හරහා අයිඑස් සංවිධානයෙන් කළ ඉල්ලීමකට අනුව එම සංවිධානයේ නායක අල් බැග්ඩෑගි විසින් තම සංවිධානයේ ප්‍රහාරයක් බවට ප්‍රකාශයක් නිකුත් කළ බව රහස් පොලිස් ප්‍රධානියා මෙහිදී අනාවරණය කර තිබේ.