නවතම පුවත්

කොළඹ උද්ධමනය ඉහළට

අසංක

අසංක

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි උද්ධමනය 2024 ජනවාරි මාසයේ දී 6.4% දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ 4.0%හි සිට ජනවාරියේදී මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති 0.3%හි සිට ජනවාරි මාසයේ දී 3.3 % දක්වා ඉහළ ගියේය.

ආහාර නොවන උද්ධමනය දෙසැම්බර් මාසයේ පැවති 5.8%හි සිට 2024 ජනවාරි මාසයේ දී 7.9% දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ 1.21%ක සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ 1.66%ක මිල ඉහළ යෑම් හේතුවෙන් 2024 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස 2.87%ක් ලෙස වාර්තා විය. 

තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ පැවති 0.6%හි සිට 2024 ජනවාරි මාසයේ දී 2.2% දක්වා ඉහළ ගියේය. 

ප්‍රධාන වශයෙන් 2024 ජනවාරි මාසය ආරම්භයේදී ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධන සහ කාලගුණය ආශ්‍රිත අවහිරතා මගින් ආහාර සැපයුමට බාධා ඇති වීම හේතුවෙන්, අපේක්ෂා කළ පරිදි, 2024 ජනවාරි මාසයේදී උද්ධමනය ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැවසූ පරිදි උද්ධමනයේ තාවකාලික ඉහළ යෑමක් නුදුරු කාලීනව ඇති විය හැකිය.

කෙසේ වෙතත්, උද්ධමනයේ එවැනි ඉහළ යෑමක් ඉදිරි කාලයේ දී පහව යනු ඇතැයි අපේක්ෂා කරයි.

මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව උද්ධමනය මැදි කාලීනව 5%ක ඉලක්කගත මට්ටමෙහි ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !