නවතම පුවත්

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථය අනතුරක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගාල්ල මහින්ද විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවක යමින් සිටි පාසල් ළමුන් පිරිසක් රැගත් පුද්ගලික බස්රථයක් අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් පුද්ගලික බස්රථයේ සිටි පාසල් ළමුන් 13දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත්කර තිබෙයි.

අද(19)වනදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සදහා එකවර බස් රථය නතර කරන අතරතුර මෙම අනතුර සිදුව ඇත.

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථය උදෑසන 05ට පමණ ගාල්ල ප්‍රදේශයෙන් නික්ම ඇති අතර හම්බන්තොට විවිධ ස්ථාන නැරඹීම සදහා පැමිණෙමින් සිටි අතර මෙම අනතුරට සිදුව ඇත.

අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට