අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිතව ඇත.
ඒ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිලිබඳ අවසන් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහායි.
එම මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව මෙන්ම එය පැවැත්විය හැකි කාලවකවානු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ජාවට ලක්වනු ඇති බව අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා පැවසීය .
මැතිවරණය ලබන මැයි මස 31 දිනට පෙර පැවැත්විය යුතු බවට ජනපතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ජාවට ලක්වීමට නියමිතය .
පැතුම් වික්‍රමරත්න