ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ පෞද්ගලික සංචාරයක් අතරතුර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට පැමිණියේ ය.

කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූ යන මහත්ම මහත්මීන් සමඟ මෙම ව්‍යාපෘතියේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ ව සහ ආර්ථිකය පරිවර්තනය කිරීමේ උත්ප්‍රේරක භූමිකාව පිළිබඳ ව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් ද මෙම සාකච්ඡාවට එක් විය.