Corona Live UpdateFeatured


Share now!

IDH රෝහලට ඇතුළත් කර සිටියදී පැනගොස් ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගියා සොයා හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි covid 19 වසංගතය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන් ද මෙම රෝගියා සොයා ගැනීම සඳහා යොදවා ඇති බවයි.

මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී මොහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලට ඇතුළත් කර තිබුණි.

අද අළුයම පැන ගිය මෙම තැනැත්තා පිළිබඳ තොරතුරක් වෙතොත් වහාම පොලීසියට දන්වා ලෙස පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබුණි.

රෝගියාගේ වැඩි විස්තර සහිත පෙර පුවත මෙතැනින් ?