නවතම පුවත්

බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ මේ දිනවල තායිලන්තයේ බෞද්ධ ජනතාවගේ අතිශය ජනප්‍රියම චරිතය බවට පත් වී ඇතැයි වාර්තා වේ.
දඹදිව සාංචි චේතියගිරි විහාරයේ 1947 සිට වසර හැත්තෑවක් පුරා තැන්පත් කර තිබෙන අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තායිලන්තයේ දස වන රාම රජු හෙවත් වජිරලොංකෝර්න් මහරජතුමාගේ (72) හැත්තෑ දෙවන ජන්ම දින සමරුව වෙනුවෙන් තායිලන්ත හා ඉන්දීය රජයේ ඉල්ලීම පරිදි තායිලන්ත බැතිමතුන්ගේ වන්දනාව සඳහා මේ දිනවල තායිලන්තයට වැඩම කර ඇත.

පසුගිය මස 24 වැනිදා තායිලන්තයට වැඩම කළ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා මාර්තු 18 වෙනිදා දක්වා බැංකොක් පහාරා (Pahara District ) දිස්ත්‍රික්කයේ සනම් ලුවාන්ගි ප්‍රදර්ශන මංඩපයේ ද (Sanam Luang pavilion) චියෑන් ප්‍රාන්තයේ (Chiang province – Ho kum Luang Royal park Rajapruek ) හෝ කුම් ලුවාන්ග් හි රාජකීය උද්‍යානයේ ද උබොන් රට්චාතානි දිස්ත්‍රික්කයේ (Ubon Ratchathsni) වට් මහා වනරාම් හි දී ද (Wat maha Wanaram ) මධ්‍යම තායිලන්තයේ වට් මහා තට් (Wat maha th යන රාජකීය මන්දිරවල මහජන ප්‍රදර්ශ මහජන වන්දනාවට තැන්පත් කරනු ලැබීය.

ඒ සෑම ස්ථානයකදීම ලක්ෂ සංඛ්‍යාත තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණි බව ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

එසේම මෙම අග්‍රශ්‍රාවක ධාතු පූජා මහෝත්සවය පැවැත්වෙන සෑම ස්ථානයකදීම තායිලන්ත බෞද්ධ ජනතාව තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට වීදි දෙපස පෙළ ගැසී දානය පිරිනැමීම ඉතාමත්ම ගෞරවනීය දර්ශනයක් බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සමඟ ජපානයේ සවාරා හී ලංකා ජී විහාරයේ පූජ්‍ය යටවර පඤ්ඤාරාම හිමියෝ, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ ලේකම් චන්න කළුගම්පිටිය මහතා ද මෙම චාරිකාවට එක් වූහ.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !