නවතම පුවත්

මේ මාසයේ උද්ධමනය 30%ට ආසන්න වෙයි

අසංක

අසංක

ගෙවුණු මාර්තු මාසයේ මෙරට පැවති උද්ධමනය 18.7%හි සිට අප්‍රේල් මාසයේ දී 29.8%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, මාර්තු මාසයේ පැවති ආහාර උද්ධමනය 30.2%හි සිට අප්‍රේල් මාසයේ දී 46.6% දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය මාර්තු මාසයේ පැවති 13.4%හි සිට අප්‍රේල් මාසයේ දී 22.0% දක්වා ඉහළ ගොස් තිබේ.

2022 අප්‍රේල් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 9.25%ක් ලෙස වාර්තා විය.

ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, 4.95%කින් සහ 4.31%කින් ඉහළ යෑම මේ සදහා හේතු විය.

ඒ අනුව, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නිවාස කුලී, නඩත්තු/පිළිසකර කිරීම්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. 

තවද, ආහාර කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම මාර්තුවේ 9.1%ක් ලෙස සටහන් වූ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය අප්‍රේල් මාසයේදී 11.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !