විදේශීය අංශයෙන් රටේ ආර්ථිකය ගැන කොළ එළි -සංචාරක ඉපැයීම්වලින් වාර්තාවක්

Picture of අසංක

අසංක

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම්වලින් 2020 වසරෙන් පසුව ඉහළම මාසික අගය මේ වසරේ ජනවාරියේදී වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 342ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ය.

එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මේ ජනවාරි මාසයේ දී පෙර වසරේ ජනවාරියට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.

2024 වසරේ පෙබරවාරි මස 29 දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 4.4කින් අතිප්‍රමාණය විය.

මහ බැංකුවේ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවෙන් මේ බව අනාවරණය විය. එය සැකෙවින් පහතින් දැක්වේ.