වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජය නියෝජනය කරන වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් හෙට සහ අනිද්දා දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය හා පළාත් සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේ රජයේ විධායක ශ්‍රේණි නිලධාරින් සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බැවින් එම දීමනාව තම සාමාජිකයන්ට ලබාදෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.