නවතම පුවත්

ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය දෙකඩ වෙයි බහුතරයක් ගෝඨාට, සුළුතර හංසයාට.

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාපිත අනුබද්ධ සංවිධානයක් වන නිදහස් උපාධිධාරී සංගමයේ විධායක සභාව මේ වන විට දෙකඩ වී ඇති බව වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය පක්ෂයේ අනන්‍යතාව සහිතව එකගත්වයක් මත ගෝඨාභයට ලබාදිය යුතු බව බහුතර සභිකයන්ගේ මතය වී ඇත.

අනිකුත් පිරිස ප්‍රකාශ කර ඇත්තේ සජිත් හංසයා ලකුණින් තරඟ කිරීම නිසා පුළුල් ජනතා සන්ධානයක් ලෙස ඔවුන් ඉදිරියට පැමිණෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට සහය ලබාදීම මඟින් පක්ෂය අගාධයට යන බවත්ය.

මෙම මත ගැටුම හමුවේ උපාධිධාරී සංගමය දෙකඩ වී ඇති අතර ගෝඨාට සහය පළ කළ යුතුයැයි පෙනී සිටින පාර්ශවය විසින් සිකුරාදා දින මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී කැඳවා තිබුනි. මෙහි දී අදහස් දැක්වූ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පා.ම. රංජිත් සියඹලාපිටිය මහතා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට සහය දැක්විය යුතු බව ප්‍රකාශ කර ඇත.

මේ අතර සජිත් පාර්ශවයේ ප්‍රබලයන් පිරිසක් නිදහස් උපාධිධාරී සංගමයේ සහය ලබා ගැනීම සඳහා රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි