නවතම පුවත්

සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා උදෑසන 10.00 සිට 2.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවණීය ආරාධිතයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මීට වසර දෙකකට ඉහතදී ඇරඹූ මෙම සණස සමිති 1250 සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි ඉදිරි තුන් අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම දිස්ත්‍රික්ක 25ක් ආවරණය කරමින් සණස නායකයන් 5000ක් වෙත සැපයීමට සැළසුම් කර ඇති අතර මේ තුළින් ගම්මාන 5000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමත් ඒ හරහා දිවයින පුරා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත් තුළින් පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සැළසුම් කර ඇත. මේ සඳහා දිවයිනේ නන් දෙසින් සණස සමිති නායකයන් රැසක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට රටේ තරුණ ජවය ශක්තිමත් ඉලක්කයක් කර ගනිමින් ඔවුන් වෙනුවෙන්ම එකම සන්නාමයක් යටතේ රැකියා තෝතැන්නක් නිර්මාණය කර රටට දායාද කිරීමට සණස ව්‍යාපාරය එදා මෙදා තුර මහත් දායකත්වයක් සපයා ඇත. ඒ අනුව ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සණස මහා සංගමය, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී., සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස කැම්පස්, සණස ග්‍රීන් මාර්ට් සමාගම, සණස මීඩියා නෙට්වර්ක්ස්, සණස උත්තමාවී සමාගම, සණස ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගම, සණස ආරක්ෂක සේවා සමාගම වැනි ආයතන රැසක් රටේ උන්නතිය වෙනුවෙන් දායද කර ඇත.

Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!
image-13
මහ බැංකුව ඩොලර් විකුණයි !