අගමැතිගේ ඉතාලි සංචාරයේදී පාප් වහන්සේ සමඟ හමුවක් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉතාලියේ සංචාරයකට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අගමැති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙන බව ද එහි දැක්වේ.

අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයාා ඇතුළු මෙරට කණ්ඩායම ඉතාලි සමුළුවෙන් පසුව වතිකානුවේ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවන බවත් එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට රජය කරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවටත් පුවත්පතක පළවි තිබුණි.

එම පුවත හුවා දක්වමින් ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ එම ගමන හෙළ දැක තිබු අතර එම ගමන සත්‍යය යටගැසීමේ ප්‍රයෝගයක් බව පවසමින් පාස්කු විමර්ශනන පිළිබද තම පාර්ශ්වයේ මතය ජාත්‍යන්තරයට දැන්වීමට කටයුතු කළ බවට ද කාදිනල් හිමි එහිදී අවධාරණය කළේය.