නවතම පුවත්

අගමැති පෙබරවාරියේ ඉන්දියාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්දින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 7දා සිට 11දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසුව සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙය වෙයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය ලෙස පසුගිය නොවැම්බර් මාසයේදි ඉන්දියාවේ සංචාරය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරයේදී වරනාසි, සාරනාත්, බුද්ධගයා සහ තිරුපතිහි සංචාරය කිරීමටද නියමිතය.

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ අභිලාෂයන්, ඉන්දීය සාගර කලාපයේ තත්ත්වය සහ ආරක්ෂක හා වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ මාර්ග ඇතුළු කරුණු රාශියක් අග්‍රාමාත්‍ය මෝදි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී අවධානය යොමුකරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්