අද අළුයම සිදුවූ භූචලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු ඉන්දියානු මුහුදේ අද අළුයම් කාලයේ රික්ටර් මාපංක ඒකක 5.4 ක භූ චලනයක් සිදුව තිබෙනවා. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ අද (12) අළුයම 2.34ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බවයි.

ඒ, උතුරු ඉන්දියන් සාගරයේ, ගිනිකොණ දෙසින් ශ‍්‍රී ලංකා වෙරළට ආසන්නයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරු මුහුදු තීරයේයී. කෙසේ වෙතත් භූ චලනයෙන් ශ‍්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය පැවසුවේ මුහුදු බඩ ප‍්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ද ආරක්ෂා සහිත බවයි.