ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් අද (21) දින රාත්‍රී දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර අද එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.
හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45 ට පමණ ග්‍රහලෝක බැසයාමට පෙර මේ දිනවල බටහිර අහස දෙස බලන කල මෙම ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට පෙනේ.
අද දින ග්‍රහලෝක දෙක, අංශකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණෙන අතර මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397කට පෙර එනම් 1623 ජූලි 16 වන දිනය. ඒ කලා 5 කින් පමණය.
මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් යළි දැකිය හැකි වනු ඇත්තේ 2080 මාර්තු 15 වන දින ය.