අන්තර්වාර ආණ්ඩුව හදන්න , මෙහෙයුම් කමිටුවක් පත්කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ සමඟ නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකුගෙන් සමන්විත මෙම විශේෂ කමිටුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරුන් පත් කරගෙන තිබේ.

ඒ අනුව මෙම පස්දෙනකුගෙන් යුතු කමිටුව ඉතා ඉක්මනින් දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා වට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.