වසරේ ඉතිරි මාස 6 සඳහා නව අයවැයක් !

2022 වසරේ ඉදිරි කාලය සඳහා නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජය සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ. මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට අනුව මේ වන විටත් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වේ. “පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය වැය ලේඛනය තවදුරටත් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ…

අන්තර්වාර ආණ්ඩුව හදන්න , මෙහෙයුම් කමිටුවක් පත්කෙරේ !

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ සමඟ නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකුගෙන් සමන්විත මෙම විශේෂ කමිටුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරුන් පත් කරගෙන තිබේ. ඒ අනුව මෙම පස්දෙනකුගෙන් යුතු කමිටුව…

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගන්න සැරසේ !

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.ඉන්ධන ආනයනයට යන අධික වියදම අඩු මට්ටමක තබා ගැනීම සඳහා රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීම මෙහි අරමුණයි.දැනට රුසියාවට පනවා ඇති සම්බාධක හා එරටෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදේශ අමාත්‍යාංශය උපදෙස් පතා ඇත. රුසියාවෙන් ඉන්ධන…

ජාති, ආගම් භේද නොතකන “ක්‍රිස්තියානි සහෝදරත්වය”

ශිෂ්ටාචාරයේ වැඩවසම් යුගයේ සිටම වැඩකරන පන්තියේ ජනතාව පාලකයන්ගේ සූරා කෑමට ලක් වූ බව සත්‍යයකි. වහල් යුගයෙන් පසු බිහි වූ කාර්මික විප්ලවයේ පශ්චාත් ලෝකයේ බිහි වූ කම්කරු පන්තිය ද දරුණු පීඩාකාරී සූරා කෑමට ලක් වූ නිසා වඩා සටන්කාමී ප්‍රජාවක් ලෙස ඔවුන් ලෝකයේ ඉස්මතු විය . හාම්පුතුන් විසින් බරපතළ ලෙස ශ්‍රම සූරා කෑමට ගොදුරු වූ කම්කරු ජනතාව…

ජැකොලින් ගෙන් තරුණ අරගලයට ලැබෙන හයිය !

ජැකොලින් ෆර්ඩිනැන්ඩස් 2006 වර්ෂයේදී Miss Sri Lanka for Miss Universe කිරුළ දිනාගත් අවසන් මහා තරගයේ පිටපත රචනා කරන ලද්දේ මා විසිනි. එකල දෙරණ TV නාළිකාවේ සේවය කරමින් සිටි මම එය වෘත්තීය කටයුත්තක් ලෙස සිදු කළෙමි. පසුකාලීන ව ඇය විසින් “Sri Lankan of the Year” සම්මානය දිනා ගැනුණු අවස්ථාවේ හේතුපාඨය ලියැවුණේ ද මා අතිනි. මේ නිසා…

සාරය අහිමිවීම, තත්කාල අනවබෝධය හෙවත් නො පැවතීම !

පශ්චාත් නූතනවාදී සමාජයක් යනු සාරය අහිමි කළ සමාජයකි. එහි මිනිසුන් ඇත. නමුත්, මිනිසුන් නැත. පාරිභෝගිකයන් ඇත. නමුත්, පාරිභෝගිකයන් නැත. වෙළෙඳාම ඇත. නමුත්, වෙළෙඳාම නැත. මේ අපභ්‍රංශය කුමක් ද? එනම්, “තිබෙනවා නම්” තිබෙන්නේ සාරය අහිමි කළ – essenceless දෙයකි. ඔබට පශ්චාත් නූතන වෙළෙඳපළේ “broiler chicken” යනුවෙන් හමුවන්නේ ස්වාභාවික ව වැඩුණු කුකුළෙකු නො ව කෘත්‍රිම හෝර්මෝන, රසායනික…

ෆුල් බ්ලාස්ට්, මෙගා බ්ලාස්ට් සහ ඇටෑක් ෂෝ !

ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංග අතර ජනප්‍රිය නාමකරණ කිහිපයක් ලෙස ෆුල් බ්ලාස්ට්, මෙගා බ්ලාස්ට් සහ ඇටෑක් ෂෝ ප්‍රචලිත ය. එබඳු ප්‍රසංග නො පැවැත්වුණු පිට්ටනියක් මෙරට නොමැති තරම් ය. එහෙත් මේ දිනවල ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත්වෙන “ගෝඨාගෝගම” යනු, ෆුල් බ්ලාස්ට්, මෙගා බ්ලාස්ට් සහ ඇටෑක් ෂෝ එක්වර වේදිකාගත වන අවස්ථාවක් වැන්න. මේ “ගෝඨාගෝගම” නිසා දැන් 1948 සිට මෙරට පාලනයට…

ජනතාව වෙනුවෙන් සම්මුතියකට එන්න – ජනපති සියලුම පක්‍ෂවලින් ඉල්ලයි !

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය එළඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකදී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කම්කරු දිනයේදී සියලුදෙනා එක්ව පවතින අභියෝග ජයගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයින්ට තමන් නැවතත් ආරාධනය කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ මැයි දින පණිවුඩයේ දැක්වෙන්නේ. පසුගිය වසර 03 තුළ වඩාත් අභියෝගයට ලක්වූයේ…

ලෝක කම්කරු දිනය සැමරේ !

මැයි දිනය සමරමින් අද(01) දිනයේ කොළඹ ඇතුළු නගර කිහිපයක රැළි හා පෙළපාලි පැවැත්වෙයි. පොලීසිය පැවසුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් මෙම පෙළපාලි හා රැළි සංවිධාන කර ඇති බවයි. කෙසේ වෙතත් මෙවර ආණ්ඩු පක්ෂයෙන් මැයි දින රැළියක් හෝ මැයි දින පෙළපාලියක් සංවිධානය කර නොමැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලි වෘත්තිය සමිති…