අමරවීරගේ අලුත් පිම්ම

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දේශපාලනික වශයෙන් තමන් අලුත් පිම්මකට ලැහැස්තිවන බවට පැතිර යන කතාවේ ඇත්තක් තිබෙන බව හිටපු අමාත්යි මහින්ද අමරවීර මහතා www.thecolomboexpress.com වෙත තහවුරු කළේය. පසුගිය දේශපාලන තත්ත්වයන් සළකා බලමින් තමන් මෙම තීරණයට එළැඹීමට නියමිතව ඇති බව හෙතම පැවැසීය. “මම මොකද්ද කරන්නෙ යන්නෙ කියන එක දැනට කියන්න බැහැ. ඒත් ඉදිරි දින කිහිපයේදි මම ඒක ප්‍රකාශයට පත්කරනවා. සමහරවිට ඒක හිතන තරම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්” යැයි මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති ජාතික ආණ්ඩුවේ අමාත්යනවරයෙක් ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතා ශ්රිාලනිපය එම ගිවිසුමෙන් ඉවත්වු බව මාධ්යීට නිවේදනය කළ පළමුවැන්නා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරන මහින්ද අමරවීර මහතා මේ වනවිට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුව තුළ නායකත්වය ලබා දෙමින් සිටියි.

රමේෂ් වරල්ලෙගම