නවතම පුවත්

අමාමි සන්නාමය 30 වැනි සංවත්සරය සමරයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit)  නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්රී ලංකාවේ ප්රථම වරට ඇරඹූ  (Amami) අමාමී සන්නාමයේ  (www.hotelsupplies.lk) 30 වන සමරු උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්රයේදී පැවැත්විණි.

අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයටඑයා ෆ්රෙෂ්නර්සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන්, සුවඳ කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්රතිඵල අත්විඳින අමාමි නිෂ්පාදන (0777576639) සඳහා සංචාරකයන්ගෙන්ද ඉහළ ප්රතිචාර ලැබී ඇත. එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස්, අනන්තය ආදී ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි. මෙම සියලු නිෂ්පාදන දේශීය අමුදව්යවලින් මෙරටදීම නිපදවන අතර අමාමී කර්මාන්තශාලාවේ පනහකට අධික පිරිසකට රැකියා සපයා ඇත

වසර තිහක් අඛණ්ඩව ව්යාපාරයක් දියුණු කරමින් පවත්වා ගෙන ඒම ලංකාව වගේ රටක විශාල අභියෝගයක්. සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් උදෙසා සුවඳවත් සහ සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන සපයමින් අපි අපේ ව්යාපාරයේ විශිෂ්ටත්වය තහවුරු කළා. වගේම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු වැඩි පිරිසකට රැකියා දෙමින් පවුල් රැසකට ශක්තියක් වෙන්න ව්යාපාරයක් හැටියට අපට පුළුවන්කම ලැබුණා. ඉදිරියේදී අපි ආයුර්වේද නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. පියවරින් පියවර ඉදිරියට අපේ ව්යාපාරයේ වගකීම් මගේ දියණිය හර්ෂලා සහ පුතා රනුක වෙත බාර දී මම ඔවුන්ට උපදෙස් දෙමින් දැන් කටයුතු කරනවා. මේ හැම දෙයක්ම සාර්ථකත්වයට රැගෙන ගිය මගේ ප්රධානම ශක්තිය ආදරණීය බිරිඳ වෛද් ප්රියානි සිල්වා, මගේ ව්යාපාර දිවියට සවියක් වූ ගැනුම්කරුවන්ට, පාරිභෝගිකයන්ට, කාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.” අමාමී නිර්මාතෘ රනිල් සිල්වා මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්