නවතම පුවත්

DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර්ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E-Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි. එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් පැපැදි සඳහා සාමාන්‍ය පාපැදි ටයර් භාවිතය සුදුසු නොවන අතර ඊටම සුවිශේෂ ලෙස නිපදවූ ටයර් යෙදිය යුතුය. DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි සඳහාම නිපදවන ටයර් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේද ඉහළ ඉල්ලුමක් ඇත.

ඉලෙක්ට්‍රික් පැපැදි සාමාන්‍ය පැපැදිවලට වඩා වැඩි වේගයකින් ගමන් කරන නිසා මෙන්ම එහි ස්වයංක්‍රීය භාවිතය වැඩි නිසා පාපැදියේ ස්වයං ධාවනය සහ ගමන් කරන්නන්ගේ ආරක්ෂාව සඳහා ඊටම විශේෂයෙන් නිර්මාණය කළ ටයර් භාවිත කළ යුතුය. ඉලෙක්ට්‍රික් පැපැදි තවමත් ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් බැවින් ඒවායේ නිවැරදි භාවිතය පිළිබඳව ජනතාවට ඇත්තේ අඩු අවබෝධයකි.

මෙම ටයර් සාමාන්‍ය ටයර්වලට වඩා ශක්තිමත්ය. පාපැදියේ තිරිංග භාවිතය හා වේග පාලනය පහසු කරන තාක්ෂණික ගුණාංගවලින් සමන්විතව DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර් නිෂ්පාදනය කෙරෙයි. DSI Tyres සමාගම ශ්‍රී ලාංකේය පැපැදි ටයර් වෙළෙඳපොළේ 95%කට වඩා වැඩි වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියමින් අංක 1 ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටින්නේ ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ පාපැදි ටයර් නිපදවීම නිසාය.

එසේම ලොව පුරා රටවල් 85කට වැඩි ප්‍රමාණයකට DSI Tyres ටයර් අපනයනය කරයි. “DSI Tyres රට තුළ පාපැදි භාවිතය පිළිබඳ කතිකාවක් ඇති වෙන්න බොහෝ කලකට පෙර සිටම පාපැදි භාවිතය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළා. ඉලෙක්ට්‍රික් පාපැදිවලට අවශ්‍ය ප්‍රමිතියෙන් සහ ආරක්ෂාවෙන් ඉහළ ටයර් මෙරට වෙළෙඳපොළට ප්‍රථම වරට ඉදිරිපත් කිරීම අපට මෙන්ම රටටත් අභිමානයක්.” කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්