නවතම පුවත්

ගංජා ගැටවලට අහුවෙන්න එපා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීම සදහා  විවිධ උත්සහයන් පසුගිය වසර කිහිපය තුල ඉතාමත් සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. ගංජා අපනයනය සදහා ශක්‍යතාවයක්  ඇතිද යන්න සොයා බැලීම සදහා කමිටුවක් ජනාධිතිතුමා විසින් පත් කර ඇති අතර එහි  නිර්දේශ  මත ආයෝජන  මණ්ඩලසේ වයාපෘතියක් ලෙස  ඒ සදහා අවසර ලබා දෙන  බව දිලුම් අමුණුගම අමාතයතුමා පසුගිය දා මාධය මගින් ප්‍රකාශයට පත් කරන ලදි. 

ඔවුන්ගේ  ප්‍රධාන අරමුණ ලෙස  ඔවුන් ප්‍රකාශ කරන්නේ ගංජා අපනයනය කර දැවැන්ත ආර්ික වාසියක් අත්පත් කරගැනිමට හැකි බවත් එමගින් විදේශ  විනිමය රටට අත්පත් කරගත හැකි බවත් ය. නමුත් ඔවුන් ප්‍රකාශ කරන  ආර්ික වාසි බොහෝ  විට සත්‍යයෙන් තොරය . එම තර්කවල අසත්‍යය  බව ගංජා සමාගම්වල ගිණුම් වාර්තා විමසා බැලීමේදී  මනාව පැහැදිලිවේ . 

අන්තර්ජාතික ගංජා වෙළඳපොළ  මේ වනවිට කඩා වැටී ඇත. ලෝකයේ  විශාලතම බහු ජාතික ගංජා සමාගම් ඩොලර්  බිලියන ගණන්වලින් පාඩු ලබන්නේ  වසර කිහිපයක සිටය.  

ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තු  වන පාර්ශව විසින් ශ්‍රී ලංකාසේ වැසියන් දැනට මුහුණ දෙමින්  සිටින බලවත් ආර්ික අර්ුදය සිය වාසියට හරවා ගෙන , ඒ හරහා තම අරමුණු මුදුන්පත් කර ගැනීමේ  වෑයමක නිරත වී ඇති බව ඉතා පැහැදිලිය. 

දැනට ගංජා පිළිබදව ඇති ධනාත්මක මතවාද  හේතුවෙන්  ගංජා භාවිතය තව දුරටත් ප්‍රචලිත වන බව ඉතා පැහැදිලිය. මෙවන්  වාතාවරණයක ගංජා වැනි හානිකර මත්ද්‍රව්‍යයන්  ප්‍රචලිත කරනවිට , වෙනත්  මත්ද්‍රව්‍ය  භාවිතය ඉහළ යාමද සාමාන්‍යයෙන්  සිදුවන කරුණකි. 

මේ  නිසා ළමුන් සහ තරුණයන් මෙවැනි  මත්ද්‍රව්‍ය වලට පෙළඹීමේ  ප්‍රවණතාවය වැඩි වන අතර අප රට තුළ තිබෙන  මත්ද්‍රවය  ගැටළු තව තවත් උග්‍ර වීමට සමම තත්වය හේතුවේ . ගංජා භාවිතයෙන්  මනසට සැනසීම සහ වෙනත්  වාසි අත්වන බව පැවසුවත් ගංජා භාවිතය නිසා භින්නෝන්මාදය  වැනි දරුණු මානසික රෝග සහ විවිධ රෝගාබාධවලට ලක් වීමත් දක්නට ලැබේ ..  

තවද ජාතයන්තර දුම්කාළ සමාගම් මේ වන විට ගංජා වයාපාරයක් ලෙස ලොව  පුරා ක්‍රියාත්මක කිරීමට මුදල් යාදවන බවට හෙළි  වී ඇත. ඒ සඳහා පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ ලොව  පුරා බොහෝ රටවල ගංජා නීති විරෝධී භාණ්ඩයක් බවට පත්ව තිබීමය. එම නිසා දුම්කොළ  සමාගම් විසින් මෙම  නීතිය වෙනස්  කිරීමේ   කූට උපක්‍රමයක් ලෙස  ගංජා වැවීම සඳහා අවසර ලබා ගැනීමට කටයුතු කිරීම පෙන්වා  දිය හැකිය. 

දුම්වැටි සහ මධ්‍යසාර  භාවිතය නිසා අප රටතුල දිනකට පුද්ගලයින්  100ක් පමණ අකල් මරණවලට පත්වන  අතර දුම්කොළ  සහ මධ්‍යසාර  සමාගම් දිනකට රුපියල් කෝටි 100ක පමණ මුදලක් ශ්‍රී ලාංකිකයන්ගෙන්  සුරාගනු ලබයි. මෙම  මත්රවය නිසා අහිංසක දු දරුවන් කාන්තාවන් ඉතා අසරණභාවයට පත්ව ඇත. 

විශේෂයෙන්  ශ්‍රී ලංකාව ආර්ික, සමාජීය කරුණු ගණනාවකින් බැටකමින් සිටින අවසේථාවක ගංජා වගාව කප් රුකක් ලෙස පෙන්වන  මෙම නාටකයේ  ප්‍රතිඵලය අප තව දුරටත් මෙම අර්බුදය  තුළ හිර කරමින් තව තවත් දුක්ඛිත  තත්වයකට පත් කිරීම ය. 

තවත් මත්ද්‍රවයක් රට තුළ ප්‍රචලිත කර ශ්‍රී ලංකාව තව දුරටත් දුක්ඛිත  තත්වයකට ඇද දැමීම වැළැක්වීම සදහා අප වහාම ක්‍රියාත්මක විය යුතු බව ලෝක මත්ද්‍රවය විරෝධී දිනයේදී මධ්‍යසාර හා මත්ද්‍රවය තොරතුරු මධ්‍යස්ථානය  (ADIC ආයතනය) තරයේ  අවධාරණය කර සිටිමු

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්