අමෙරිකාවට ඉස්සන් ආනයනය කරන ප්‍රධාන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ඇතුළත් වී තිබේ.
ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ මෙරට ඉස්සන් වගාව මේ වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් මෙය අත්කරගැනීමට හැකිවූ බවය.
මෙම වසරේ මුල් මාස 6 තුළදී පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි ඉස්සන් අස්වැන්නක් අපනයනය කිරීමට ශ්‍රී ලංකා අපනයනකරුවන් සමත් වී තිබෙන බව ද හෙතෙම කියා සිටී.
මේ අනුව අමෙරිකාව විසින් ඉස්සන් ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් 29 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් ව තිබේ.
මෙරට ඉස්සන් නිෂ්පාදන ඉතිහාසයේ ඉහළම නිෂ්පාදන වර්ෂය ලෙස දැනටමත් පත්වී ඇත්තේ මේ වර්ෂයයි.