නවතම පුවත්

අයවැය දෙවන වර කියවීම සම්මතයි-පක්ෂව 119යි- විපක්ෂව 76යි

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.

විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 76 ක් පමණි.

මේ අනුව අයවැය දෙවන වර කියවීම අද සම්මත විය.

මන්ත්‍රීවරුන් 225කගෙන් අද අයවැයට ඡන්දය ලබාදී තිබුණේ මන්ත්‍රීවරුන් 195 දෙනකු පමණි.

මන්ත්‍රීවරු 30 දෙනකු අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.


අයවැය දෙවන වර කියවීමේ ඡන්දය ඇරඹේ

අයවැය දෙවන වර කියවීමේ ඡන්ය විමසීම ආරම්භ වූ බව කතානායක කරු ජයසූරිය මහතා දැන් නිවේදනය කළේය.


අයවැය තුන්වෙනි වර කියවීමේදී තවත් සංශෝධන කිහිපයක් එක් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අයවැයට අදාළ පිළිතුරු කතාව අවසන් කරමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියේ ය.


අයවැය දෙවනවර කියවීමේ ඡන්දයට සූදානම්

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම් වී තිබේ.

මීට ටික වේලාවකට පෙර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැයට අදාළ පිළිතුරු කතාව ආරම්භ කළේය.


අයවැය ඡන්ද විමසීම ප්‍රමාද වෙයි

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද එය තරමක් ප්‍රමාද වන බවක් පෙනී යයි.

ඒ අයවැය විවාදය සදහා කාලවේලාව වෙන්කර ගැනීමේ ගැටලු හේතුවෙනි.

මේ වනවිට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මංගල සමරවිර අමාත්‍යවරයා සභාවට අදහස් දක්වමින් සිටියි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි