නවතම පුවත්

මාරක රිය අනතුරක් කළ ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

මාරක රිය අනතුරක් සිදුකරන ලදැයි අත්අඩංගුවට ගත් ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා අද නියෝග කළේය.

අද පෙරවරු 5.30ට පමණ සැකකාර ජනනාත් වරකාගොඩ මහතා පදවන ලද වාහනය කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි පදික මාරුව මත ගමන් කරමින් සිටි කාන්තාවන් අනතුරුව ලක්කර ඇතැයි කඩවත පොලීසිය සදහන් කරයි.

අදාළ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 62 හැවිරිදි ප්‍රීති සොබින් ද සිල්වා නමැති කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

එම රිය අනතුර සම්බන්ධයෙන් සැකකාර ජනනාත් වරකාගොඩ මහතා කඩවත පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි