ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය, කුමන්ත්‍රණයක්ද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසයි . එය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ පැවසුවේ ඇතැම් බලවේග මෙවන් අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ මැතිවරණයකට යාමේ අපේක්‍ෂාවෙන් බවයි.

මෙවන් වකවානුවක එලෙස විශ්වාසභංගයක් ගෙනඑමෙන් රට තවත් අරාජික වන බවත් රට අරාජික වන කිසිදු යෝජනාවක ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකග නොවන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි .

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉකුත් 8 වනදායි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජනමතයට කන් නොදෙන්නේ නම් ව්‍යවස්ථානුකූලව ගැටළුව විසඳා ගැනීමට සූදානම් බවයි