රට බංකොලොත් වීමේ අවදානමක් !

තවත් නොබෝ දිනකින් රට බංකොලොත් තත්ත්වය ඇදවැටීමේ අවදානමක් ඇතැයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි . කොළඹ නිදහස් චතුරශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය . පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා ගෙදර යැවීමට පෙර ඔවුන් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව සංශෝධනය කළයුතු බවත්, පාලකයින්ට සොරකම් කිරීම සදහා බලකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙන එකම රට ශ්‍රී ලංකාව…

ඉන්ධන බෙදාහැරීම අධීක්‍ෂණයට රාජ්‍ය අමාත්‍යාංශයක් !

ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ. ඊට අදාළව…

මුදල් මණ්ඩලයේ දෙදෙනෙක් දිගටම වැඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ කටයුතු කළ සාමාජිකයන් දෙදෙනෙකු අඛණ්ඩව සේවය කිරීමට කැමැත්ත පළකර ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය ලෙස අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත. ඔවුන් සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේය. “මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්…

CENTRA

මූල්‍ය හා නීති උපදේශකයින් පත්කිරීමට යෝජනා කැඳවයි !

විදේශ ණයවල තිරසර බව කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ මෙසේ දැක්වේ. “ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක්…

දිස්ත්‍රික් 8කට නායයාම් අනතුරු ඇඟවීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක ප්‍රදේශ ගණනාවකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ මොහොතේ සිට මෙම අනතුරු ඇඟවීම හෙට (11) වැනි දින දහවල් 1 දක්වා කාලය සඳහා වලංගු වන බවයි. ඒ අනුව පහත දැක්වෙන ප්‍රදේශ වඩාත් සැලකිලිමත් විය යුතු බවට නායයාමේ, පස්කඳු කඩාවැටීමේ,…

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය, කුමන්ත්‍රණයක්ද ?

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසයි . එය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ පැවසුවේ ඇතැම් බලවේග මෙවන් අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ මැතිවරණයකට යාමේ අපේක්‍ෂාවෙන් බවයි. මෙවන් වකවානුවක එලෙස විශ්වාසභංගයක් ගෙනඑමෙන් රට තවත් අරාජික වන බවත් රට අරාජික වන කිසිදු යෝජනාවක ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකග නොවන බවත්…

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමිවේ !

විශ්වාසභංගයක් හමුවේ ධූරය අහිමිවූ පළමු පකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ඊයේ දින එරට ඉතිහාසයට එක්විය ඉම්රාන් ඛාන් පකිස්තාන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඊයේ දින පහ කෙරුණු අතර ඒ, ඔහුට විරුද්ධව පකිස්තාන විපක්ෂ කණ්ඩායම් එක්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඉම්රාන් ඛාන් අපොහොසත්වීම හේතුවෙනි . ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පකිස්තාන පාර්ලිමේන්තුවේදී ඊයේ මධ්‍යම…

මහා වැසි මැද්දේ විරෝධතාකරුවන් තවමත් ගාලුමුවදොර !

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ඊයේ පෙරවරු 10.00 ට ගාලු මුවදොර පිටිය අසලදී ආරම්භ වූ මහජන විරෝධතාවය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති. ඇදහැලෙන මහ වැසි නොතකා ඇතැම් විරෝධතාකරුවන් ඊයේ රාත්‍රීය පුරාවට ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටිමින් සිටින බවද වාර්තාවේ .

බුද්ධිමත්ව අරගල කරමු !

මේ දවස්වල සමහර අයගෙ ප්‍රධාන ඉල්ලීමක් තමයි IMF එක… නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියන එක…මන් ඉගෙනගන්න කාලෙ 7, 8 වසරවල තිබුණා සමාජ අධ්‍යනය කියලා විෂයක්… ඒක ඒකාලෙ මගෙ ප්‍රියතම විෂය. ඒකෙදි ජාත්‍යන්තර සංවිධාන ගැන උගන්නද්දි අපිට IMF ගැනත් ඉගැන්නුවා. අපි වගේ රටවලට ඉන්න සුපිරි ගැළවුම්කාරයෙක් විදිහට. ඊට අවුරුදු 20කට පස්සෙ (ඔව්… වෛද්‍ය විද්‍යාලෙනුත් පිටවෙලා,…

මුදල් මණ්ඩලය වගකීම් පැහැර හැරලා!

පසුගිය කාල සීමාවේදී ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිවල ගැටළු කාර්යයේ ස්වභාවය මුදල් මණ්ඩලය වෙත පෙන්වා දුන්නද එහි සාමාජිකයින් එම තොරතුරු දේශපාලන අධිකාරියට නිසි ලෙස වාර්තා නොකළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි . මුදල් මණ්ඩලය විසින් දේශපාලන අධිකාරිය මුලා කිරීමේ ප්‍රතිඵල අද වන විට ජනතාවට අත් විදීමට සිදුව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා…

අගමැති ඉවත්කරන්න – හවුල්කාරක පක්‍ෂ ඉල්ලයි !

රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වන යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් ඉදිරිපත් කර…

ගාලු මුවදොර විරෝධතාවට දහස් සංඛ්‍යාත ජනකායක්!

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති. විවිධ වෘත්තීන්ට අයත් පිරිස් මේවනවිට උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් ද මේ වන විට විරෝධතාවයට එක්ක සිටින බවද වාර්තා වේ. රටේ සිව්…