ආනයනය ඉහළට – වෙළෙඳ හිඟයත් ඉහළ යයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සමස්ථ ආනයනයන් පසුගිය 2018 වසරේදී සියයට හයකින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව වෙළඳ හිඟයද ඩොලර් බිලියන 10.3ක් දක්වා ඉහල ගොස් ඇත.

2018 වසරේ දී මුළු භාණ්ඩ , ආනයනය එක්සත් ජනපද ඩොලර් බිලියන 22.2ක් වූ අතර එය 2017 වසරට සාපේක්ෂව සියයට 6.0ක ඉහළ යෑමකි. 2017 වසරේ දී වාර්තා වූ වෙළඳ හිඟය එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6ක් විය

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 4.8ක වර්ධනයක් වාර්තා කරමින් ශක්තිමත් මට්ටමක පැවති අතර, එම නිසා, 2018 වසරේ මුළු සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා 2017 වසරට සාපේක්ෂ ව සියයට 11.6කින් වර්ධනය විය.

දළ නිල සංච්ත 2018 වසර අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9 ක් විය