නවතම පුවත්

ආරක්ෂාව ගැන කතාකරගන්න ශිවෂන්කර් මෙනන් ලංකාවට

අසංක

අසංක

ගාමිණි සරත් ගොඩකන්ද

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව හා පරිපාලනය ගැන ලබන සදුදා(18) කොළඹදී පැවැත්වෙන පාත්ෆයින්ඩර් උපදේශන සැසියට එක්වීමට සදහා ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක සහ විදේශ අමාත්‍ය ලේකම්වරයෙකු මෙන්ම කලක් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ශිවෂන්කර් මෙනන් මහතා දිවයිනට පැමිණීමට නියමිතය.

පාත්ෆයින්ඩර් පදනම ලබන වසරේ කොළඹ දී ‘ඉන්දියන් සාගරයේ ආරක්ෂාව හා පරිපාලනය අරමුණු කරගෙන අන්තර් ජාතික සමුළුවක් සංවිධානය කරන ඇත. එහි විශේෂ උපදේශන සැසිය මාර්තු 18 වැනිදා පැවැත්වෙයි. මෙම අන්තර්ජාතික උපදේශන සැසියේ සභාපතිධූරය හොබවනු ලබන්නේද ශිවෂන්කර් මෙනන් මහතාය.

ඔස්ටේ‍්‍රලියාව, චීනය, ප‍්‍රංශය, ඉන්දියාව, ජපානය, නෝර්වේ, රුසියානු සමූහාණ්ඩුව, සිංගප්පූරුව, බි‍්‍රතාන්‍ය හා ඇමරිකාව සිය නියෝජිතයන් මෙම උපදේශන සැසිවාරය නියෝජනය කරනු ඇත.

පසුගිය වසර දෙක තුළ පාත්ෆයින්ඩර් පදනම සාර්ථක සැසිවාර දෙකක් සිංගප්පූරු උපදේශණය යටතේ පවත්වා තිබේ. කලාපීය සහයෝගීතාවය හා බෙංගාල බොක්ක අවට කලාපයේ ආරක්ෂාව හා පොදු සංවර්ධන අභිලාශ සාක්ෂාත් කරගැනීම අරමුණ විය. කලාපීය නවීන වරායක් වශයෙන් ත‍්‍රිකුණාමලය දියුණු කර එය අනාගත බලශක්ති මෙහෙයුමට යෝග්‍ය බව පසුගිය වසරේ සාකච්ඡ්චා අතරතුර විද්වත් අවධානයට ලක් විය. නාවික පර්යේෂණ ආයතනයක් හා පරිසර හිතකාමී සමුද්‍ර ආරක්ෂණ පද්ධතියක් ඉන්දියන් සාගරයේ ස්ථාපිත කිරීම ගැන ද සාකච්ඡා කර ඇත.

මෙම ඉහළ පෙලේ අධ්‍යයන සඳහා ජාත්‍යන්තර පර්යේෂණ ආයතන ගණනාවක් පාත්ෆයින්ඩර් පදනම හා සම්බන්ධ වී සිටී. ජාතික විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සභාව ( ඔස්ටේ‍්‍රලියාව), විශ්ලේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය (චීනය), උපායශීලී හා සැලසුම් ඒකකය (ප‍්‍රංශය), ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතන (ජපානය), ගැටුම් නිරාකරණය පිලිබඳ මධ්‍යස්ථානය (නෝර්වේ), ජාත්‍යන්තර කටයුතු කවුන්සලය (රුසියාව), ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියා අධ්‍යයන අංශය (සිංගප්පූරුව) උපායශීලී අධ්‍යයන අන්තර් ජාතික ආයතනය (බි‍්‍රතාන්‍ය) හා ඇමරිකාවේ විදේශ සම්බන්ධතා කවුන්සලය ඒ අතර වන බව පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක මහතා කියා සිටී. ශිවෂංකර් මෙනන් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන උපදේශන සැසිවාරය සඳහා ජපානයේ සහයෝගීතාව ලැබී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්