ඇදිරි නිතීය ලිහිල් කර ඇති ප්‍රදේශවලදී පවා පොදු ප්‍රවාහන සේවය ‘‘අත්‍යවශ්‍ය සේවාවන්’’ සදහා පමණක් යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව ලංගම සතුව පවතින බස් රථ පොදු ප්‍රවාහන සේවා කටයුතු සදහා යොදවනු ලබන්නේ හුදෙක් අත්‍යවශ්‍ය සේවාවන් වූ සෞඛ්‍ය, ආරක්ෂක සහ රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල සේවය සදහා ප්‍රවාහනය කළයුතුම පිරිස වෙනුවෙන් පමණක් බව එම අමාත්‍යංශය සඳහන් කර සිටී
අත්‍යවශ්‍ය රාජකාරීන්ට අමතරව වෙනත් කාරණාවන් සදහා ගමන් කිරීමට පොදු ප්‍රවාහන සේවා තුළින් පහසුකම් ලබා නොදෙන බවත්, හුදෙක්ම මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සදහා රජය විසින් ලබා දී ඇති උපදෙස් කි‍්‍රයාත්මක කිරීමත් සදහා පමණක් බවත් අමාත්‍යාංශය සදහන් කර ඇත