ඇඳිරිනීතිය සමයේත් සතොසෙන් ගෙදරට බඩු මළු – ගෑස් – චූන් පාන් සේවාත් ක්‍රියාත්මකයි

Picture of අසංක

අසංක

ඇඳිරිනීතිය පවතින් හා ඉවත් කරන කාලසීමාවේදී සතොස මගින් නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ මලු ගෙනත් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රාදේශීය සතොස ආයතන හරහා එය ක්‍රියාත්මක ය.

දැඩි කොන්දේසි හා විෂබීජ හරණ වැඩපිළිවෙලක් යටතේ මුදල් භාවිත කරමින්, බේකරි නිෂ්පාදන (චූන් පාන්) ත්‍රිරෝද රථ මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට යටත්ව සිදුකිරීමට ද බලධාරීන් උපදෙස් දී ඇත.

මේ අතර ගෑස් ටැංකි නිවෙස්වලට ගෙනත් දීමේ වැඩපිළිවෙල ලීට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

ගොවිතැන්, භාණ්ඩ ප්‍රවාහන, සුපිරි වෙළඳසල් සඳහා භාණ්ඩ ආදිය ද ඇඳිරිනීතිය කාලසීමාව තුළ ද කරගෙන යාමට රජය ඉඩ සලසා දී ඇත.