නවතම පුවත්

ඇමෙරිකාව එක්ක ගහන ගිවිසුම සැකයි – විපක්ෂ නායක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග රජය අත්සන් කිරිමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී .

තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව මෙවැනි ගනුදෙනුවකට එළඹිය යුතු නැති බවද එම නිවේදනය මගින් රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත .

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද දැක්වේ .

“ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇත.

මේ ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි.

තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බව අපි තරයේ ප්‍රකාශ කර සිටිමු.

එවැනි ගිවිසුමක් ලංකාආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය.

මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැත.

මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් අපි ප්‍රකාශ කර සිටිමු.

මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම්ප්‍රතිසංස්කරණයට අදාල එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුවජනතාවට පැහැදිලි කර නැත.

මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන අපට සාධාරන සැකයක් ඇත.

ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන්මේ ගිවිසුම් කිසිසේත්ම අත්සන් නොකළ යුතු බව අපි ආණ්ඩුවට තරයේ ප්‍රකාශ කර සිටිමු.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්