නවතම පුවත්

ඉතාලි නාහිමිගෙන් ලාංකිකයන්ට සැර අවවාදයක්

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

 

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ඉතාලි වැසියන් කොරෝනා වෛරසය ගැන මුලදි කිසිදු ගණනකට නොගත් නිසා අවසානයේ දහස් ගණනින් මියගිය බවත් ලාංකිකයන්ද තවමත් මේ රෝගයේ භයානකකම තේරුම්ගෙන නැතිබව පෙනි යන්නේ යැයි ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද නාහිමියෝ ද කළම්බො එක්ස්ප්‍රස් ‌වෙත සේවයට පැවසුහ.

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව මේවනවිට අඩුවීමක් පෙනුනත් එය වරින් වර වැඩිවිම්ද දක්නට ලැබෙන බව පෙන්වා දෙන වගේගොඩ සිලානන්ද නාහිමියෝ තමන් වහන්සේගේ විහාරස්ථානය පිහිටි සිසිලි හි මේවනවිට කොරෝනා ව්‍යාප්තිය වැඩිවි ඇතැයි පෙන්වා දෙති.

එ් නිසා කොරෝනා වෛරසයේ භයානකකම තේරුම්ගෙන තම ජිවිත වගේම පවුලේ අයගේ අසල්වාසින්ගේ ජිවිත ගැනද සිතා රජය මගින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් ආරක්ෂාවෙන ලෙස සමස්ත ලංකාවාසින්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද පැවසුහ.

මේ තරම් විපතක් සිදුවි මරණය පෙනි පෙනි වුවද අපේ සමහර අය අත්‍යාවශ්‍ය සෙිවා බෝඩ් ගසාගෙන හොර හරක් අදින ජාවාරම කරන බවද ජනමාධ්‍යයෙන් අසන්නට ලැබෙන බවත් පෙන්වා දෙන සීලානන්ද නාහිමියෝ එවන් අවස්ථාවාදින්ට අනිවාර්යයෙන්ම නිසි දඩුවම් දිය යුතුයැයිද කියති.

එසේම රජය දෙන උපදෙස් පිළි නොපදින අයට දැඩි දඩුවම් දිමට හෝ රජය පියවර ගතයුතු බවත් මේ අවස්ථාවේදි ජනාධිපති,හමුදාපති සෞඛ්‍ය අංශ, පොලිසිය කටයුතු කරන්නේ රටවාසින් මේ මහ ව්‍යසනයෙන් බේරාගැනිමට බව කවුරුත් අවබෝධ කරගත යුතුයැයිද කියති.

කො⁣රෝනා සමග කාටවත් සෙල්ලම් කළ නොහැකි බවත් එසේ සෙල්ලම් කිරිමට සුදානම් අය ජිවිතය ගැන ආසාව අත්හැරිය යුතුයැයිද උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්