සටහන – රමේෂ් වරල්ලෙගම
සිවු වැනි වරටත් ලෝක රග්බි ශූරතාව හිමිකර ගැනීමට පසුගිය වර ශූරයන් වූ දකුණු අප්‍රිකාව අද(29) උදෑසන සමත් වී තිබේ.
නවසීලන්තය සමඟ ප්‍රංශයේ ශාන්ත ඩෙනිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගය 12-11 ලෙස අවසන් කරමින් දකුණු අප්‍රිකාව ශූරතාවයට හිමිකම් කීය.
මේ දක්වා රග්බි ලෝක කුසලාන 4ක් දිනා ඇති එකම රට බවට ද දකුණු අප්‍රිකාව පත්වූ අතර අනුශූරයන් වූ නවසීලන්තයට එම වාර්තාවම තමන් සතු කර ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.
දකුණු අප්‍රිකාවට නවසීලන්ත පිළ රග්බි ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක දී මීට පෙර එකිනෙකා හමුවී තිබුණේ 1995 වසරේ දී ය.
එහි දී ද 15-12 ලෙස නවසීලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව මෙවර ද 12-11 ලෙස ඔවුන් පරාජය කරමින් ඉතිහාසය අලුත් කිරීම කැපී පෙනෙන සිදුවීමකි.
මේ අතර පිට පිට රග්බි ලෝක කුසලාන දෙකක් දිනා ගනිමින් 2011-2019 නවසීලන්තය තබා තිබූ වාර්තාව ද සම කිරිමට ද දකුණු අප්‍රිකාව සමත්විය.
ලෝකඩ කුසලානය සඳහා පැවති තරගය 23-26 ලෙස ආජන්ටිනාව පරදා එංගලන්තය ජය ගත්තේය.
Pure ecstasy, pure agony#RWC2023 | #RWCFinal pic.twitter.com/r9jIUdFDOF
— Rugby World Cup (@rugbyworldcup) October 28, 2023
