නවතම පුවත්

ඉදිරියේදී ලොව පුරා කොන්ඩම් හිඟයක්

අසංක

අසංක

ඉදිරි මාස කිහිපය ඇතලත ලොව පුරා උපත් පාලන කොපු හිඟයක් ඇතිවනු ඇති බවට ලොව ප්‍රධානම උපත්පාලන කොපු නිෂ්පාදනායතනය අනතුරු අඟවා සිටී .

දැනටමත් උපත් පාලන කොපු නිෂ්පාදනය සියයට 50 කින් අඩුවී ඇති අතර තම ආයතනය සතු තොග, ,ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකක කාලයක් සඳහා පමණක් බවද මැලේසියාව කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර උපත් පාලන කොපු නිෂ්පාදන ආයතනයක් වන කරෙක්ස් (Karex Bhd) ආයතනය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට උපත් පාලන කොපු සඳහා ලොව පුරා ඇති ඉල්ලුම වේගයෙන් ඉහල යමින් ඇති බවද කරෙක්ස් ආයතනයේ ප්‍රධාන විධායක ගො මියාහ් ( Goh Miah Kiat) මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

නිවාස වල රැදී සිටින ලෙසට ලොව පුරා රාජ්‍යයන් තම ජනතාවට දැනුම් දී තිබීම මෙන්ම මේ අර්බුදකාරී අවස්ථාවේ දරුවන් ලැබීම ගැටළුවක් වන බවට ජනතාව තුල ඇති අදහස හේතුවෙන් මෙසේ මේ දිනවල උපත් පාලන කොපු සඳහා වන ඉල්ලුම ඉහල ගොස් ඇති බවද මියාහ් මහතා මෙහිදී සඳහන් කර ඇත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සති කිහිපයක් වසා දමා තිබු තම ආයතනය පසුගිය සිකුරාදා දින නැවත විවෘත කල නමුත් තවමත් එහි සේවයේ යෙදෙන්නේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් හරි අඩක් පමණක් වන බවද කරෙක්ස් ආයතනය සඳහන් කර ඇත.

උපත් පාලන කොපු විශාල වශයෙන් නිෂ්පාදනය කරන සෙසු ආයතන බොහොමයක් පිහිටුවා ඇත්තේ චීනයේ හා ඉන්දියාවේ වන අතර එම රටවල්ද කොරෝනා අර්බුදයෙන් මේ වනවිටත් පීඩා විඳිමින් සිටීම නිසා එම නිෂ්පාදන කටයුතුද බරපතල ලෙස කඩාවැටී ඇති බව මැලේසියානු කරෙක්ස් ආයතනය පවසයි.

ලොව සුප්‍රසිද්ධ ඩියුරෙක්ස් සන්නාමයද අයත්වන්නේ මෙම කරෙක්ස් ආයතනයට වන අතර එම ආයතනය වසරකට උපත් පාලන කොපු බිලියන පහක් පමණ නිපදවයි . ඒවා රටවල් 150කත පමණ අපනයනය කරයි.

කෙසේ වෙතත් නව තවත්වයන් මත තම ආයතනයේ ව්‍යාපාරික කටයුතුද අඩාලවී ඇති බවත් , ඉදිරියේදී උපත් පාලන කොපුවල මිල ඉහල දැමීමටද සිදුවනු ඇති බවත් මියාහ් මහතා පැවසීය

(www.bloomberg.com ඇසුරෙන්)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්