නවතම පුවත්

කැකුණගොල්ලේ කොටසක් වසා දමයි

අසංක

අසංක

කුරුණෑගල කටුපොත කැකුණුගොල්ල ග්‍රාමයේ කොටසක වැසියන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

ඒ කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගී කාන්තාවක් එම ප්‍රදේශයෙන් හමුවීම හේතුවෙනි.

එම කාන්තාවට වෛරසය වැලදී ඇත්තේ ඇගේ ඥාතියෙක් බව සදහන් නාත්තන්ඩියේ පුද්ගලයෙකුගෙනි.

ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණ නිරෝධායනය නොවී සිටි මේ පුද්ගලයා ඇගේ නිවසට ගොස් ඇති බවත් ඔහුගෙන් වෛරසය ඇයට ආසාධානය වී ඇති බවත් තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාව තමාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව නොදැන ඉකුත් 30 වෙනිදා උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සදහා ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික බෙහෙත් ශාලාවට ගොස් ඇත.

කුළියාපිටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා සදහන් කළේ එදින රෝහලේ ප්‍රතිකාර ගැනීමට රෝගීන් 125 දෙනෙක් පමණ පැමිණ ඇති බවයි.

ඇය පැය තුනකට ආසන්න කාලයක් එහි රැදී සිට ඇති බවත් අනාවරණය වී ඇත.

එම රෝගීන්ගෙන් 61 දෙනෙක් මේ වන විට හදුනාගෙන ඒ අයව ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්