නවතම පුවත්

ඉදිරි දින 2 තුළ පළාත් 7කට මි.මී. 200ක මහ වැසි

අසංක

අසංක

දිවයිනේ පළාත් 7කට ඉදිරි දින දෙක තුලදී (30 වනදා දක්වා) මිලිමීටර් 200කට ආසන්න වැසි ඇදහැලෙනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, දකුණු, බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (150-200) ත් අතර ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව විද්‍යාඥයෝ අනාවැකි පළකරති.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩි විය හැක.

තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ආපදා අංශ දන්වා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්