නවතම පුවත්

ඉදිරි පැය 48 ක් ඇතුලත චීනයේ සිචුආන් ප්‍රාන්ථයේ සිටින සියළු සිසුන් ලංකාවට ගෙන්වා ගන්න ජනපති නියෝග කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීනයේ, සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150 කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි. නැංජින්හි සිටින තව ත් සිසුන් 30 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී තිබේ.

ඔවුන් ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ජානධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.ඊට අමතරව කොරෝනා වෛසරය පැතිර යන වුහාන් සහ සිචුආන් ප්‍රාන්තවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ, චීනයේ සිටින සියලු ශ්‍රී ලාංකකයින් පිළිබඳ දත්ත රැස් කරමින් පවතින බවයි. තානාපති කාර්යාල නිලධාරීන් සහ ලාංකිකයින් අතර සන්නිවේදන කටයුතු සිදුවන්නේ WE CHAT භාවිතයෙනි.

චීනයේ සිට දිවයිනට පැමිණෙන සියලු දෙනා ගුවන්තොටුපොළේදී නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ය.

යම් අයෙකු උණ රෝගයෙන් පෙළෙන බව හඳුනාගත හොත් ඔවුන් යොමු කෙරෙන්නේ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයටයි. එම පුද්ගලයින්ගේ රුධිර සහ මුත්‍රා සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරෙනු ඇති.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

රෝග නිරීක්ෂණය සඳහා වෛද්‍ය උපකරණ හෝ රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගුවන් මගින් ඒවා ගෙන්වා ගැනීම සඳහා උපදෙස් ලැබී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්