ඉන්දියාවට එරෙහිව පළමු විස්සයි20 ජය ශ්‍රී ලංකාවට

Picture of අසංක

අසංක

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරඟාවලි ජයක් පළමු වරට වාර්තා කරමින් ඉන්දියාව සමග පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 81 ක් ලබා ගැනීමට සමත් වු අතර මෙය වාර්තා පොත් අතරට එක් වන්නේ ඉන්දීය කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉන් පසු පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම 14 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර තරඟ දෙකට එකක් ලෙස සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.