නවතම පුවත්

ඉන්දියාවෙන් මෙරටට ජංගම ඔක්සිජන් ඒකක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක ශ්‍රී ලංකාවට  ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර සිටී

, කොවිඩ් රෝගයට ලබාදෙන ඖෂධ වර්ගත් හිඟයකින් තොරව ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවති සාකච්ජාවකදී මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසු ඉන්දීය මහකොමසාරිස් වරයා හා අමාත්‍යවරයා අතර නිල හමුව ඊයේ  සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී  සිදු විණි.

දිගු කාලීන මිත්‍රත්වයක් පවතින අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව මේ මොහොතේ මෙරට කොවිඩ් මර්දනය උදෙසා ඉටුකරන කාර්යභාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක් විය. දෙරට අතර පවතින එම සබඳතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් හැකි සෑමවිටම ඉන්දියාවෙන් ලබාදෙන සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

 

 

මෙහිදී ඉන්දියානු මහ කොමසාරිස්වරයා නව සෞඛ්‍ය අමාත්‍යවරයාට සුභ පැතූ අතර , නව අමාත්‍යවරයා පත් කිරීම තුළින් රාජ්‍ය නායකත්වය අමාත්‍යවරයා කෙරෙහි පවතින විශ්වාසය පෙන්නුම් කළ බව හෙතෙම කීය. ඉන්දීය ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය හා සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බවත්,විශේෂයෙන් කොවිඩ් – 19 මර්දනයේදී ඉන්දියාවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවත් ගෝපාල් බාග්ලේ මහතා පවසා සිටියේය.

කොවිඩ් ව්‍යසනය මර්දනය වෙනුවෙන් දෙරටම අභියෝගයකට මුහුණ දී ඇති බවත් දෙරට මුහුණ දෙන අභියෝගාත්මක ක්‍රමවේදයන්හි ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීම මිත්‍ර රටවල් ලෙස අතිශය වැදගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්