ඉන්දුනීසියාවේ කොරෝනා වෛරසයෙන් මියගිය නිල දත්ත වාර්තාවලට වඩා වැඩි – රොයිටර්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දුනීසියාව තුල කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව එරට නිල දත්ත වාර්තාවන්ට වඩා වැඩි විය හැකි බව ජාත්‍යන්තර රොයිටර්ස් පුවත්සේවය සඳහන් කර සිටී.

කොරනා වෛරස රෝගයට සමාන රෝග ලක්ෂණ සහිත 2000 කට අධික පිරිසක් පසුගිය දින කිහිපය තුල ඉන්දුනීසියාව තුලදී මියගොස් ඇත බවත් ඔවුන් සම්භන්ධව කිසිදු පර්යේෂණයක් එරට රජය විසින් සිදුකර නොමැති බවත් රොයිටර්ස් පුවත්සේවය සඳහන් කර ඇත.

මේ අනුව එසේ මියගිය පුද්ගලයින් අතර කොරෝනා රෝගීන්ද විශාල පිරිසක් සිටිය හැකි බවද පුවත්සේවය පෙන්වාදී ඇත.

දැනට එරට තුල කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන ලෙස නිල වශයෙන් දකවා ඇත්තේ 765කි