නවතම පුවත්

කොරෝනා පාලන නීතිවලින් මානව හිමිකම් කඩවීමක් – UNHRC

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව පුරා ඇතැම් රටවල් ක්‍රියාත්මක කර ඇති නීති රීති හරහා මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවධාරණය කර සිටී.

මේ අනුව කොරෝනා පාලනය සඳහා නීති පැනවීමේදී මානව හිමිකම් පිළිබඳවද අවධානයක් යොමු කල යුතු බව ජගත් මානව හිමිකම් කොමිසමේ මහා ලේකම් මිෂෙල් බැචලේට් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.

විශේෂයෙන්ම හදිසි නීතිය වැනි දැඩි නීති රීති පැනවීමේදී , ඒවා හරහා ජනතාවගේ මූලික අයිතීන්ට හානියක් සිදුනොවිය යුතු බවද මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත.

ඇඳිරි නීතිය පැනවීමේදී මෙන්ම දුරස්තකරන නීති හා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදීද රජයන් හා ආරක්ෂක අංශ වඩාත් කල්පනාකාරී විය යුතු බවත් එවැනි නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දඩුවම් ක්‍රියාත්මක කිරීමේදීද මිනිස් අයිතීන්ට මූලිකත්වය දී කටයුතු කල යුතු බවද මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත.

එසේම මෙවනිනීති උල්ලංඝනය කරන්නන් විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමද අනවශ්‍ය හා අනාරක්ෂිත ක්‍රියාවක් බව මහා කොමසාරිස්වරිය සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්