නවතම පුවත්

ඉන්ධන ලබාදීම ගැන රජය අද ගත් තීරණ

අසංක

අසංක

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ලියාපදිංචි වී ඇති සියලුම වර්ගයේ වාහන සඳහා සතිපතා වෙන් කර ඇති ඉන්ධන කෝටාව වැඩි කර තිබේ.

ඒ අනුව, යතුරුපැදි – ලීටර් 4ක්, ත්‍රිරෝද රථ – ලීටර් 5ක්, කාර්, වෑන් – ලීටර් 20ක්, ඉඩම් වාහන – ලීටර් 15ක්, ලොරි රථ – ලීටර් 50 ක් ආදි වශයෙන් ඉන්ධන සතිපතා ලබාගැනීමට හැකිය.

මේ අතර දිවයිනේ සෑම ත්‍රිරෝද රථයක්ම ලබන 31 වනදාට පෙර තමාට අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී අදාළ ප්‍රදේශයේම එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම උද්‍යාන සදහා භාවිත කරන උපකරණ, විදුලි ජනන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ ද තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර, පදිංචි ප්‍රදේශයේම එක් ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතු බව අමාත්‍යවරයා කියාසිටී.

මේ අතර චැසි අංකය යටතේ ලියාපදිංචි විය නොහැකි වාහන සදහා ආදායම් බලපත්‍ර අංකය යටතේ ලියාපදිංචි විය හැකි අතර ලබන සිකුරාදා සිට එය ක්‍රියාත්මකයි.

එමෙන්ම 49CC කාණ්ඩයේ යතුරුපැදිකරුවන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එමගින් ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !