නවතම පුවත්

උත්තර ධ්‍රැවයේ අයිස් කඳු දියවීම වේගවත් වෙයි – මුහුදු රළ ඉහළට

අසංක

අසංක

උත්තර ධ්‍රැවයේ අයිස් කඳු දියවීම මේ වනවිට පෙර නොවූ විරූ වේගයකින් සිදුවන අතර මේ තත්වය මුහුදු මට්ටම ඉහළ යාමට මෙන්ම, මුහුදු දියවැල්වල සැලැකිය යුතු වෙනසක් ඇති කරන්නට ද හේතු විය හැකි බව ලෝකප්‍රකට Nature සගරාවේ පළ වූ පර්‍යෙෂණ පත්‍රිකාවක සදහන් වේ.

ග්‍රීන්ලන්තයෙන් පමණක් දියවන අයිස් ප්‍රමාණය මේ සියවස අවසාන වනවිට මුහුදු මට්ටම සෙ.මි. 2 සිට සෙ.මි. 10 දක්වා ඉහළ දමන්නට හේතුවිය හැකි බව මේ අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

නවතම ගණනය කිරීම්වලට අනුව,මේ වකවානුවේ අයිස් දියවීමේ වේගය, හොලොසින යුගයේ, එනම් දැනට වසර 12000 කට පෙර යුගයක භූවිද්‍යාත්මක වාර්තා හා සැසඳෙන බවද එහි සඳහන් වේ.

බෆලෝ විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාව සම්බන්ධ මහාචාර්‍යවරයකු මෙන් ම මෙම පර්‍යේෂණ පත්‍රිකාවේ ප්‍රධාන කතුවර වන ජේසන් බ්‍රයිනර් මෙහි සඳහන් කර ඇත්තේ මීළග වසර 1000 තුළ ද ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය හොත්, මේ අයිස් තට්ටු මුළුමණින් ම අතුරුදහන් වන්නට ද ඉඩ ඇති බවය.

හරිතාගාර වායු පිටවීම දැඩි ව සිදුවුවහොත් දිය වීමේ වේගය වසර 12,000කින් මෙපිටින් අයිස් දියවීම සිදුවූ වේගය මෙන් හතර ගුණයක වේගයෙන් සිදුවනු ඇති බවද මෙහි සඳහන්ය.

මේ පර්‍යේෂණයේ සොයා ගැනීම් අවධාරණය කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් මේ තත්ත්වයට දැඩි ව බලපා ඇති බව ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්