නවතම පුවත්

උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා ඇත.

යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් ඇතුලත අදාල ගැටලුව විසඳිය යුතු බවට ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාල කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබේ.

2009 වර්ෂය වන විට ආරක්ෂක හමුදා සතුව ජනතාවගේ ඉඩම් අක්කර 23,850.72 ක් පැවැති අතර මෙම වසර මුල වන විට එම ඉඩම් වලින් අක්කර 20,755.52 ක් මුදා හැර තිබේ. තවත් අක්කර 106 ක භූමි ප්‍රමාණයන් 2023 පෙබරවාරි මාසයේ මුදා හැර ඇත.

තවත් අක්කර 2989.80 ක් ජනතාවට මුදා හැරීම වෙනුවෙන් හදුනාගෙන තිබෙන අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටලු වලට විසඳුම් ලබා දීමෙන් අනතුරුව එම ඉඩම් ප්‍රමාණය ද නිදහස් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාරම්පරික ඉඩම් ජනතාවට මුදා හැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් මෙම කාර්යාලය ස්ථාපිත කොට තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්