නවතම පුවත්

රටටම විදුලි මීටර් දෙන්න ලෑස්තියි- අපනයනයටත් ඇහැගහයි

අසංක

අසංක

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් මෙරට තුළ නිෂ්පාදනය කරන ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම මේ වසරේ සිට තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෙරට සම්පුර්ණ එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට හැකි වනු ඇති බව එම සමාගම කියයි.

එමෙන්ම විදුලි මීටර් අපනයනය කිරීම දක්වා , තම නිෂ්පාදන ධාරිතාව ඉහල දැමීමට මෙම සමාගම බලාපොරොත්තු වේ.

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් 250,000ක ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවනු ලබන්නේ ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම මගිනි.

මෙම වර්ෂයේ සිට එම සමාගම තම සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කර ඇත.

ඇන්ටි මීටර් සමුහයේ සභාපතිවරයා, ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ නිලධාරීන් සහ ANTE LECO මීටරින් සමාගමේ නිලධාරීන් සමග ඉදිරි වැඩපිළිවෙළ සහ නව නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳව ඊයේ (08) සාකච්ඡා කරන ලදි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්