නවතම පුවත්

උතුරේ බෞද්ධ ආගමික ස්ථාන එපා – නැගිටිව් දෙමළුනි කියා විග්නේෂවරන් විරෝධතාවයක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාධව කුලසූරිය – වවුනියාව

එළුග තමිල් නොහොත් නැඟිටිව් දෙමළුනි යන්න පදනම් කර ගනිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභාවේ මිළඟ විරෝධතා වැඩසටහන අද(16) යාපනය මුට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

යාපනය නල්ලූර් ප්‍රදේශයෙන් ආරම්භ කළ විරෝධතා පාගමන යාපනය මුට්‍රවෙලි ක්‍රීඩාංගනය දක්වා පැමිණ අවසන් කෙරිණ.

සාධාරණය වෙනුවෙන් ජනතා හඩ ලෙසට නම් කරමින් මූලික ඉල්ලීම් හයක් ඉලක්ක කර ගනිමින් විග්නේශ්වරන් මහතා ප්‍රමුඛ දෙමළ මහජන සභාව සංවිධානය විසින් එළුග තමිල් විරෝධතා වැඩසටහන පවත්වනු ලබයි.

01.දෙමළ ජනතාවගේ නිජ භූමිය තුළ සිංහල බෞද්ධ ආගමික ස්ථාන ඉදිකිරීම හා සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම.මහවැලි සංවර්ධනය මුවාවෙන් සිදුකරන සිංහල ජනාවාස බිහිකිරීම හා වර්තමානයේ මහවැලිය මුවාවෙන් සිදුකරන සිංහල ජනාවාසයන්ගේ ඉදිකිරීම් නවතා දැමීම.

02.ජාත්‍යන්තර මැදිහත්වීමක් මත යුධ සමයේ සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වෙත දඩුවම් ලබාදීම.

03.දේශපාලන සිරකරුවන් සියළුදෙනා නිදහස් කිරීම.

04.අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම හා අතුරුදහන්වූවන්ගේ පවුල්වෙත සාධාරණය ඉටුකරදීම.

05.උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ගේ දෙමළ ජනතාවගේ ඉඩම්තුළ ස්ථාපිත කොට ඇති ආරක්ෂක කදවුරු ඉවත්කිරීම.

06.යුද්ධය හේතුවෙන් අවතැන් වු සියළුදෙනා ඔවුනගේ මුල් පදිංචි ඉඩම්තුළ නැවත පදිංචි කිරීම යන කාරණාවන් දිනා ගැනීම වෙනුවෙන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය දියත් කරන බව දෙමළ මහජන සභාව එහිදි ප්‍රකාශ කරනු ලැබීය.

දෙමළ ජාතික සන්ධානය හරහා දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් නොලැබෙන බැව් සදහන් කරමින් එවක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව,දේශපාලන හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් දෙමළ මහජන සභාව සංවිධානය 2016 වසරේ ස්ථාපිත කරනු ලැබීය.

උතුරු නැගෙනහිර එකාබද්ධ කොට පෙඩරල් පාලනයක් ලබාගැනීම,උතුරේ නව සිංහල ජනාවාස බිහිකිරීම නවතා දැමීම,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,උතුරු නැගෙනහි හමුදා කදවුරු ඉවත් කරන ලෙසට ඉල්ලීම් කරමින් එළුග තමිල් නමැති පළමු වැඩසටහන පැවැත්වූහ.

දෙමළ මහජන සභාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රමුඛ ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, ආනන්ද සංගරී මහතා ප්‍රමුඛ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂය හා උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන රැසක සහයෝගය හිමිව පවති.

විරෝධතා පාගමන වෙනුවෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින්,අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,යුද්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්