උද්ධමනය අතින් ලංකාව 3 වන තැනට – වහාම මුදල් මණ්ඩලයක් ඕනෑ

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බව අමෙරික‍ාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්ක් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ 1884 සිට 1950 දක්වා පැවති මුදල් මණ්ඩලය යළිත් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට සහය වීම සඳහා වහාම අවශ්‍ය බවයි.

ස්ටීව් හෑන්ක් විසින් රට රටවල වාර්ෂික උද්ධමනය වැඩිම රටවල් පිළිබඳ සකස් කරන ලැයිස්තුවේ මෙවර උද්ධමන වගුවේ ශ්‍රී ලංකාව නැවතත් අවධානයට ලක්ව ඇත්තේ ලොව තෙවැනි වැඩිම උද්ධමනය ඇති රට ලෙස පත්වෙමිනි.

රට රටවල නිල වශයෙන් නිකුත් කරනු ලබන දත්ත ඔස්සේ් මෙම උද්ධමන අනුපාත ලැයිස්තුව සකස් කෙරේ.

මෙම ලැයිස්තුවට යොදාගෙන ඇත්තේ මේ වසරේ පෙබවාරි මාසයේ මෙරට උද්ධමන අනුපාතයයි.